රටම පීරන ‘යුක්තිය’ මෙහෙයුමේ දී පැය 24ක් තුළ දෙදහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට

අද (21) අලුයම 12.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ සිදුකරන ලද ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 2,008 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඉන් සැකකරුවන් 185ක් සම්බන්ධව රැදවුම් නියෝග මත විමර්ශන සිදුකරන බවයි.

එමෙන්ම සැකකරුවන් 33 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 209 දෙනෙකු යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 228 දෙනෙකු ද ගත වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම මෙහෙයුමේ දී හෙරොයින් කිලෝ 02යි ග්‍රෑම් 400ක්, අයිස් කිලෝ 01යි ග්‍රෑම් 200ක්, ගංජා කිලෝ 12යි ග්‍රෑම් 200ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 12ක්, මාවා කිලෝ 05යි ග්‍රෑම් 200ක්, ඈෂ් ග්‍රෑම් 32ක්, තුල් ග්‍රෑම් 844ක්, මත්පෙති 17,054ක්, මදන මෝදක කිලෝ 04යි ග්‍රෑම් 100ක් සහ ගංජා පැල 73,833ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?