Rebuild Sri Lanka අරමුදලට වතු කම්කරුවන්ගෙන් රු.108,000ක මුදලක්

දිට්වා සුලි කුණටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් රට යළි නඟා සිටුවීම වෙනුවෙන් රජය විසින් ආරම්භ කර ඇති Rebuild Sri Lanka අරමුදලට රු.108,000ක මුදලක් බගවන්තලාව කොටියාගල වතුයායේ NC කොටසේ පදිංචි වතුකම්කරුවන් විසින් පරිත්‍යාග කර තිබෙනවා.

ඔවුන්ගේ දෛනික එක් දින වැටුපෙන් සහ එම වතු කම්කරුවන්ගේ කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිටින දරුවන්ගේ උපකාර මත මුදල් එක් රැස්කර මෙලෙස රු.108,000ක මුදලක් මෙම අරමුදල වෙත පරිත්‍යාග කර තිබෙනවා.

ඒ අනුව වතු කම්කරුවන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරඅරච්චි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි වෙත අද (27) දිනදී සංකේතාත්මකව භාර දෙනු ලැබුවා.

  1. අපමන දුක්විදින දහඩිය ශ්‍රමය වගුරන වතුකරයේ දෙමල ජනතාව කල මෙම පරිත්‍යාගය මහජන මුදල් ගසාකනලද දේශපාලකයාගේ අවධානයට යෙමුවිය යුතුයි.