මාලිමා මන්ත්‍රී සහ සූරියකන්ද කොස්තාපල් අතර සිද්ධියට පොලිසියෙන් වාර්තාවක්

සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තාවක් අද (27) පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරනු ලැබුවා.

මෙලෙස වැඩතහනම් කරන ලද සූරියකන්ද පොලිස් සථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි විවේචනාත්මක අදහස් පළ කරමින් මාධ්‍යන් වෙත ප්‍රකාශ ලබා දී ඇති බව එම වාර්තාවේ සඳහන් වනවා.

එම ප්‍රකාශ මගින් අදාළ පොලිස් කොස්තාපල්වරයාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් එම නිලදාරියා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය විසින් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බවටත් සඳහන් වී ඇති බවත් පොලීසිය පවසනවා.

එනමුත් අදාළ සිදුවීම සම්බන්ධව මෙම පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් කොළොන්න පොලීසියට සිදුකර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කොළොන්න පොලිස් ස්ථානය මගින් හා ඇඹිලිපිටිය අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

එමෙන්ම මෙම සිද්ධිය සිදුවූ පසුගිය 20 වැනි දා කොළොන්න පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශන ආරම්භ කර ඇති බවත් එහිදි නිලධාරියාගේ යතුරුපැදිය සිද්ධිය වූ ස්ථානයේ තිබී පොලිස් භාරයට ගත් බවත් සඳහන් කර ඇති පොලීසිය සිය නිවේදනය මගින් පෙන්වා දෙනුවේ මෙම නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳගේ ප්‍රකාශ හා තවත් දෙදෙනෙකුගේ ප්‍රකාශද පොලීසිය විසින් සටහන් කර ගෙන ඇති බවත් නිලධාරියාට ඇඹිලිපිටිය රෝහල් පොලීසිය මගින් අධිකරණ වෛද්‍ය පෝරමයක්ද නිකුත් කළ බවත් වාර්තාවේ සදහන් වනවා.

එමෙන්ම ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව පහරදීම සිදුකළ බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය අසල පදිංචිකරුවන් තිදෙනෙකුගෙන්, නිලධාරියා රෝහලට රැගෙන ගිය පුද්ගලයා ඇතුළු 10 දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සිද්ධිය වූ බවට පැවසෙන ස්ථානය ආසන්නයේ නිවසක තිබූ ආරක්ෂක කැමරාවල වීඩියෝ දර්ශන ලබා ගැනීමට කටයුතු කර ඇති අතර එම නිවැසියාගේද ප්‍රකාශයක් සටහන් කර ඇති අතරම මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය 22 වැනි දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බවත් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබන බවත් එම වාර්තාවේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42