දවස් 08ක් රෝහලේ ඉන්න, සිසුවෙක්ට දඩුවම් දුන් මාලිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාට ඇප

සූරියවැව, රම්මුදුවැව විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සිදුකළ පහර දීමක් හේතුවෙන් දින අටක් තිස්සේ සිය දරුවාට රෝහලේ ප්‍රතිකාර ලැබීමට සිදු වූ බවත්, මේ සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් සිදුකළ ද පොලිසිය විසින් පැමිණිල්ල වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට කල් මරමින් සිටි බවත්, අදාළ පහර කෑමට ලක්වූ සිසුවාගේ මව චෝදනා කරනවා.

සිද්ධියට මුල් වූ විදුහල්පතිවරයාගේ බිරිඳ සූරියවැව ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියක් වීම නිසා පොලිසිය විසින් මෙම පැමිණිල්ල වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ප්‍රමාද වූ බවයි එම මව චෝදනා කර සිටියේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ සූරියවැව, රම්මුදුවැව විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙක්.

පසුගිය 18 වන දින දරුවා පාසල් කටයුතු අවසන් වී නිවසට පැමිණිමෙන් පසුව තරමක අසනීප ගතියකින් සිටින බවට නිරීක්ෂණය වුවත් ඒ සම්බන්ධයෙන් දරුවාගෙන් විමසීමේදී දරුවා කිසිවක් නොපැවසූ බවත් දරුවාගේ මව පවසනවා.

කෙසේ වෙතත් සවස් කාලය වන විට දරුවාට කැරකැවිල්ල වැනි තත්ත්වයක් පවතින බවට දරුවා විසින් පවසා ඇති අතර, දරුවාට අසාධ්‍ය බවට හැඟුණු නිසාවෙන් දරුවාව ප්‍රතිකාර සඳහා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට මව කටයුතු කර තිබෙනවා.

එලෙස රෝහලට රැගෙන යන අතරවාරයේ දී දරුවාගෙන් විමසූ විට දරුවා පවසා ඇත්තේ, තමා පන්ති කාමරයේ මේසයට තට්ටු කරමින් සිටින විට එය දුටු විදුහල්පතිවරයා තමාව කැඳවා වේවැලකින් පාදයට සහ අනෙක් අතින් තම කන ප්‍රදේශයට පහර දුන් බවයි.

දරුවා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ පසු වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මව විසින් පසුදින 19 වන දින සූරියවැව පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදුකර තිබුණා.

කෙසේ වෙතත් දරුවා 18 වැනිදා සිට පෙරේදා (25) දිනය දක්වා දින 08ක් රෝහල් ප්‍රතිකාර ලැබූ බවයි මව සඳහන් කළේ.

මේ අතර දසත News මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (27) සූරියවැව පොලිසියෙන් සිදුකළ විමසීමක දී සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ පැමිණිල්ල ලැබුණ ද පැමිණිල්ල සඳහා ක්‍රියාත්මක වීමට පොලිස් නීති කොට්ඨාසයේ සහාය ලබාගැනීමට සිදු වූ බවයි.

ඒ, අනුව පොලිස් නීති කොට්ඨාසයේ උපදෙස් මත දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රෝහලෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව විමර්ශනයක් සිදුකර අදාළ විදුහලපතිවරයා අද (27) දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

පාසල් නිවාඩු දී පැවති හේතුවෙන් ද විමර්ශනය කටයුතු සිදුකිරීමට ප්‍රමාදයක් සිදු වූ බවයි ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් අද (27) දිනයේ දී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අදාළ සැකකාර විදුහල්පතිවරයාට ඇප හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40