රටම පීරන ‘යුක්තිය’ මෙහෙයුමේ දී පැය 24ක් තුළ දෙදහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට

අද (21) අලුයම 12.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ සිදුකරන ලද ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 2,008 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඉන් සැකකරුවන් 185ක් සම්බන්ධව රැදවුම් නියෝග මත විමර්ශන සිදුකරන බවයි.

එමෙන්ම සැකකරුවන් 33 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 209 දෙනෙකු යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 228 දෙනෙකු ද ගත වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම මෙහෙයුමේ දී හෙරොයින් කිලෝ 02යි ග්‍රෑම් 400ක්, අයිස් කිලෝ 01යි ග්‍රෑම් 200ක්, ගංජා කිලෝ 12යි ග්‍රෑම් 200ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 12ක්, මාවා කිලෝ 05යි ග්‍රෑම් 200ක්, ඈෂ් ග්‍රෑම් 32ක්, තුල් ග්‍රෑම් 844ක්, මත්පෙති 17,054ක්, මදන මෝදක කිලෝ 04යි ග්‍රෑම් 100ක් සහ ගංජා පැල 73,833ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46
Video thumbnail
මැයි රැළිය අවසන් කරලා රටටම සෙත් පතන්න ගිය දිලිත්
02:21
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න..කර්මාන්ත ශාලාව අළුවෙලා ගිහින්
01:19
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:10
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:31
Video thumbnail
ඉස්සරහටත් මේ රට පාලනය කරන්නේ මාලිමාව
09:17
Video thumbnail
සරත්ගේ කතාවත් එක්ක මහා වැස්සක් කඩා වැටෙයි
10:26
Video thumbnail
මෛත්‍රී තමයි රට කඩා වැටීමට වගකියන්න ඕනේ
00:50