”රටම එකට‍ – ජාතික මෙහෙයුම” අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය පරදන, ” රටම එකට‍ – ජාතික මෙහෙයුම ” වැඩසටහන අද (30) පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙරට තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් ළමුන්ගේ ද ජීවිත අවධානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වනවා.

ඒ අනුව පාසල්, විශ්වවිද්‍යාල, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතන ඇතුළු ආයතන අද සිට මෙම වැඩසටහන සඳහා එක් කෙරෙනවා.

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මහජන සහාය ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය මෙහෙයුම් සභා සහ ග්‍රාමීය මට්ටමෙන් මහජන ආරක්ෂක කමිටු සහිත ව්‍යුහයක් පිහිටුවීම රජයේ අපේක්ෂාවයි.

මෙම වැඩසටහනේ මෙහෙයුම් සභාවේ සභාපති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රියා කරන අතර එහි ලේකම්වරයා වන්නේ ජනාධිපති ලේකම්වරයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?