රටට ඇතුළු කරගැනීමට පෙර නැවේදීම ගෑස්වල ප‍්‍රමිතිය බලයි

මෙරටට ගෙන්වන ගෑස් රටට ඇතුළු කිරීමට පෙර නැව තුළදීම ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම පිළිබඳව ද එකඟතාවන්ට පැමිණීම ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඊයේ (01දා) රැුස්වූ වෙළෙ`ද අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී සාකච්ඡුාවට ලක් විය.

පාර්ලිමේන්තුවේදී ඊයේ විපක්ෂය ඉදිරිපත් කළ ප‍්‍රශ්න කිහිපයක් පිළිබඳව සහ තවත් පාර්ශ්ව කිහිපයක් සම්බන්ධ කරගෙන මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡුා කිරීම සඳහා වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ මෙම විශේෂ රැුස්වීම පැවැත්විණි.

මේ සඳහා වෙළෙඳ අමාත්‍යාංශය, සමුපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා පොලිසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මිණුම් ඒකක ප‍්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, ලිට්‍රෝ ගෑස් සමාගම, ලාෆ්ස් ගෑස් සමාගම, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය, අනුකූලතා තක්සේරු පිළිබඳ ශ‍්‍රී ලංකා ප‍්‍රතීතන ආයතනය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, බලශක්ති අමාත්‍යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරන නිලධාරීහු සහභාගී වූහ. එසේම ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ඩබ්ලිව්.ඞී.ඩබ්ලිව්. ජයතිලක, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළගේ සහ ඛනිජ තෙල් පිළිබඳ විශේෂඥ නිමල් ද සිල්වා මහත්වරු ද මෙම කාරක සභාවට සම්බන්ධ වූහ.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් මෙම අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ප‍්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළ අතර හැකි ඉක්මනින් ලිඛිතව හෝ මේවාට පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ගෑස් පුපුරා යෑම සම්බන්ධයෙන් පැමිණ සිටි සියලූ පාර්ශ්වවලින් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් අදහස්

ලබාගැනීම ද සිදුවිය. ගෑස් සංයුතිය වෙනස් කිරීම වත්මන් පුපුරායෑම්වලට බලපෑමක් කළේද යන්නත්, උසස් ප‍්‍රමිතියෙන් යුතු උපාංග භාවිතයේ ඇති වැදගත්කම, ගෑස්වල ගඳ සුවඳ පිළිබඳ පරීක්ෂා කොට වාර්තාවක් ලබාගෙන ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීම පිළිබඳව සහ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තා සති දෙකක් ඇතුළත ලබාගෙන එම නිර්දේශ ඉක්මනින් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡුා කෙරිණි.

මෙම කාරක සභාව සඳහා විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, නිමල් සිරිපාල ද සිල්වා, මහින්දානන්ද අලූත්ගමගේ යන මහත්වරු ද, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු විශාල පිරිසක් ද සහභාගි වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30