රටක් කළඹමින් සුරූපි නිළියකගේ සිරුර ගෝනියකින් හමුවේ

සුරූපි නිළියකගේ සිරුරක් ගෝනියක තුළ තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ඇය දින කිහිපයකට පෙර අතුරුදහන්වූ බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් බොහෝ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය තුළත් සංසරණය විය.

මෙම ඛේදජනක පුවත බංගලාදේශයෙන් වන අතර සුප්‍රසිද්ධ මේ නිළිය නමින් රයිමා ඉස්ලාම් ෂිමුවේ. චිත්‍රපට 25කට වැඩි ප්‍රමාණයකට රංගන දායකත්වය ලබාදී ඇති මැය 1998 සිට රංගනයේ නියැළී තිබේ. නිළියක් ලෙස මෙන්ම ඇය චිත්‍රපට නිෂ්පාදකවරියක් ලෙසද කටයුතු කර ඇති මැයගේ සිරුර හමුවී ඇත්තේ හස්තරත්පූර් නම් පාලමක් අසළින් බව පොලිසිය පැවසීය.

ප්‍රදේශවාසීන් විසින් සිරුර පිළිබඳ තොරතුරු ලබාදී ඇති අතර සිරුරේ තුවාල කිහිපයක්ම ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පසුගිය ඉරිදා දිනයේ ඇයව ඝාතනය කර සිරුර පාලම අසළට දමන්නට ඇති බවට පොලිසිය සඳහන් කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙම ඝාතනයට සම්බන්ධ බවට තොරතුරු හෙළිවී ඇතැයි බංග්දේශ පොලිසිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?