රටක් කම්පා කරමින් සැලියුට් ආචාරය කළ තරුණයා නිදි යහනේදීම මිය යයි

සැලියුට් ආචාරයක් නිසා තරුණ ජීවිතයකට වන්දි ගෙවීමට සිදුවීමේ අවාසනාවන්ත පුවතක් කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශයේ හෙරිලියාවල අංක 817 ග‍්‍රාම නිලධාරී වසමේ බෝගහවත්ත ග‍්‍රාමයෙන් වාර්තා වේ.

පසුගිය 13 දා සවස 7ට පමණ සිදුවූ මෙම සිදුවීමෙන් පසුදින (14) අලූයම නිදි ඇඳේදීම මෙසේ ජී වි ත ක් ෂ ය ට පත්වී ඇත්තේ හෙරළියාවල බෝගහවත්ත ග‍්‍රාමයේ පදිංචි රුමේෂ් රංගන (36) නමැති අවිවාහකයෙකි. තම හිතවතුන් දුටුවිට දුරතියාම අතින් සැලියුට් කිරීම පුරුද්දක් කරගෙන සිටි රුමේෂ් රංගන නමැති අය පසුගියදා සිය මිතුරෙකු සමග කුරුණෑගල නගරයේ සිට සවස් යාමයේ පාගමනින් නිවසට එමින් සිටි මොහොතේ මඟදී යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකුට සැලියුට් කිරීමේදී උරණ වූ යතුරුපැදිය ධාවනය කළ අය රුමේෂ්ට දිගින් දිගටම පහරදී ඇත.

පහරදීම වළක්වාලීම සඳහා එම ස්ථානයේ සිටි කීපදෙනකු රුමේෂ් අසල නිවසක කාමරයක දමා ආරක්ෂා කළත් පහරදුන් අය එම ස්ථානයටද පැමිණ නැවතත් පහරදී ඇති බවට තොරතුරු අනාවරණය වේ.

නිවසට පැමිණි රුමේෂ් තමන්ගේ ඇඟ රිදෙන බව පවසා නිදාගත් බවත් පසුදින මව ඔහුගේ කාමරයට ගිය විට ඇඳේ වැතිර සිටි අයුරු දැක 1990 ට දැණුම්දී ගිලන් රථය පැමිණියත් මියගිය පුද්ගලයකු නිසා රෝහල්ගත කිරීම ප‍්‍රතික්ෂේප කර ඇත.

මොට වූ ආයුධයකින් උදරයට පහරදීමක් සිදුවී ඇති බවත් ම ර ණ ක රු ගේ එක් වකුගඩුවකට බරපතළ හානි සිදුවී වීම නිසා ම’ ර ණ ය සිදුවී ඇති බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා නිකුත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් විසින් මෙම හදිසි ම ර ණ ය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඉදිරියට පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31