රජීව් ගාන්ධිගේ ඝාතනයට වරදකරු වූ ශාන්තන්ගේ සිරුර දිවයිනට

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළසිරුර අද (01) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

ටී.සුරේන්ද්‍ර රාජා වැරදිකරු වී සිරදඬුවම් විදිමින් සිටි අතර, පසුව පොදු සමාව යටතේ නිදහස ලැබුවා.

නිදහස ලැබීමෙන් පසු සිය මව බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ඔහු සූදානමින් සිටිය දී දරුණු වකුගඩු රෝගයකට ගොදුරු වී ඉන්දියාවේ චෙන්නායි නුවර රජීව් ගාන්ධි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බවයි වාර්තා වුණේ.

ඔහුගේ මළ සිරුර අද (01) දහවල් 11.35ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 122 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඒවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මළ සිරුර භාරගැනීම සඳහා සුරේන්ද්‍ර රාජාගේ ඥාතීන් කිහිපදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියා.

මෙම සිරුර නිදහස් කිරීම සඳහා අත්‍යාවශ්‍ය ලියකියවිලි කීපයක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අවශ්‍ය වී තිබෙනවා.

එම ලියකියවිලි ලැබෙන තෙක් මළසිරුර අද (01) පස්වරු 03.30 වනවිටත් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ රඳවාගෙන තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26