spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජීව් ගාන්ධිගේ ඝාතනයට වරදකරු වූ ශාන්තන්ගේ සිරුර දිවයිනට

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළසිරුර අද (01) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

ටී.සුරේන්ද්‍ර රාජා වැරදිකරු වී සිරදඬුවම් විදිමින් සිටි අතර, පසුව පොදු සමාව යටතේ නිදහස ලැබුවා.

නිදහස ලැබීමෙන් පසු සිය මව බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ඔහු සූදානමින් සිටිය දී දරුණු වකුගඩු රෝගයකට ගොදුරු වී ඉන්දියාවේ චෙන්නායි නුවර රජීව් ගාන්ධි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බවයි වාර්තා වුණේ.

ඔහුගේ මළ සිරුර අද (01) දහවල් 11.35ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 122 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඒවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මළ සිරුර භාරගැනීම සඳහා සුරේන්ද්‍ර රාජාගේ ඥාතීන් කිහිපදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියා.

මෙම සිරුර නිදහස් කිරීම සඳහා අත්‍යාවශ්‍ය ලියකියවිලි කීපයක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අවශ්‍ය වී තිබෙනවා.

එම ලියකියවිලි ලැබෙන තෙක් මළසිරුර අද (01) පස්වරු 03.30 වනවිටත් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ රඳවාගෙන තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?