රජයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධව අසුබ ආරංචියක්

රටේ වත්මන් තත්වය හමුවේ රජයේ සේවකයන්ට මෙම මාසයේ නියමිත දිනට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද ගැටලු සහගත තත්ත්වයක් ඇති බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය.

පවතින අර්බුදය හමුවේ මෙම වැටුප් ගෙවිම සදහා මුදල් මුද්‍රණය කළ යුතු වේ. කෙසේ වෙතත් මුදල් මුද්‍රණය කිරිම සදහා කැබිනට් තීරණයක් ගත යුතු වන අතර මේ වන විට උත්ගතව ඇති තත්වය තුල කැබිනට් රැස්වීමක් කැඳවිය හැකි ද යන්න ගැටලුවක් බවත් එම තත්ත්වය මග හරවාලීමට නම් කළ යුතු එකම දේ වන්නේ දින කිහිපයකට වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත්වන රනිල් වික්‍රමසිංහ විසින් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවනු ලැබීය යුතු බවයි ඔහු සදහන් කළේ.

අතිකාල, නිවාඩු,ජීවන වියදම් වැනි සියලු දීමනා හැර වැටුප් සඳහා පමණක් මාසයකට අවශ්‍ය වන මුදල රුපියල් බිලියන විසි නවයක් පමණ වෙයි.

මෙලෙස කැබිනට් රැස්වීමක් නොකැඳවුවහොත් මෙම මස 25 වැනිදාට වැටුප් ගෙවීමට නොහැ තත්වයක් ඇතිවන බවයි ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?