රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ තීරණය ගැන පැහැදිලි කිරීමක්

රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් ඉදිරි අයවැයෙන් වැඩි කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉතාමත්ම ධෛර්යමත් ප්‍රකාශයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ආර්ථික අවපාතයක් පවතිව විට, උද්ධමනය ඉහළ ගිය අවස්ථාවක, එසේ ඉහළ ගිය උද්ධමනය පාලනය කිරීමට විවිධ තීන්දු තීරණ ගන්නා විට ස්ථිර ආදායමක් ලබන ප්‍රජාව විශාල ලෙස අපහසුතාවයට පත් වන පිරිස බවයි.

එයින් ද රාජ්‍ය සේවකයා යනු ප්‍රධාන කොටසක් බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින බව සඳහන් කර සිටියා.

මීට වසරකට පෙර රාජ්‍ය සේවකයාගේ සහ විශ්‍රාමිකයාගේ මාසික වැටුප ගෙවා ගැනීමේ අභියෝගයට පවා මුහුණ දී සිටි රටක රාජ්‍ය සේවක වැටුප අවස්ථා දෙකකට ගෙවූ රටක, රාජ්‍ය සේවක වැටුප වැඩිකරන බව රාජ්‍ය නායකයා විසින් ප්‍රකාශ කිරීම ම අසීරු එහෙත් ධෛර්ය සම්පන්න ප්‍රකාශයක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ, අනුව රාජ්‍ය සේවකයන් ලක්ෂ 14ක් සහ විශ්‍රාමිකයින් ලක්ෂ 06 සඳහා මාසයකට රුපියල් 10.00 කින් වැටුප වැඩි කළත් ඒ සඳහා රුපියල් කෝටි දෙකක් වැඩිපුර අවශ්‍යවන බව අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළා.

එම අයගේ වැටුප මසකට රුපියල් 100.00 කින් වැඩි කළහොත්, වැඩිකළ වැටුප ගෙවීම සඳහා පමණක් මසකට රුපියල් කෝටි 20 වැඩිපුර අවශ්‍ය වෙන බවත්, මසකට රුපියල් 1000 කින් වැටුප වැඩි කළහොත් ඒ සඳහා මසකට රුපියල් බිලියන දෙකක මුදලක් වැඩිපුර අවශ්‍ය වන බව ද සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් රජය එම සියළු අභියෝගවලට ධෛර්ය සම්පන්නව මුහුණ දෙමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
20
+1
1
+1
1
+1
5
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?