රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය හෙට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (18) දිනයේ දිවයිනේ සියලු රෝහල්වල දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් රෝගී ප්‍රතිකාර අඩාළ වීමේ අවධානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටින්නේ, මෙම වැඩවර්ජනය හෙට පෙරවරු 08.00 පැවැත්වීමට නියමිත බවයි.

විධිමත් පැමිණිල්ලකින් තොරව බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ සම්බන්ධව ක්‍රියාත්මක කරනු ලබන විනය පරීක්ෂණයට එරෙහිව මෙම වර්ජන ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කරනවා.

එම හේතුවෙන් පසුගිය 10 වැනිදා සිට සියලුම රෝහල්වල දින 07ක් කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර තිබූ බව එම වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයට ප්‍රතිව්‍යහුගත කිරීම සඳහා දින 14ක කාලයක් ලබාදීමට කටයුතු කරනා බවත් එම කාලය ඇතුළත මේ සඳහා සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම් මේ මස අවසානයේ දී මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16