රජයේ මිලියන 300ක පාඩුවක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට අසංකට සී.අයි.ඩිය වෙත කැඳවීමක්

මෙම රජය බලයට පත්වීමෙන් පසු 2025 වසරේ මැයි මාසයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කරනු ලැබූ රජයේ වාහන වෙන්දේසියේදී ඉතා ඉහළ වටිනාකමින් යුත් වාහන ඉතා අඩු මුදලකට විකිණීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පැමිණිල්ලකට සම්බන්ධයෙන් විමසීම සඳහා ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය අසංක රුවන් පොදුපිටිය අල්ලස් කොමිසම වෙත පැමිණ සිටියා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් පසුගිය වසරේ මැයි මස 19 වන දින පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් එලෙස පැමිණිල්ල සිදුකර මාස 08ක පමණ කාලයක් ගත වුවද මේ වන තෙක් අල්ලස් කොමිසම විසින් ලිපියක්වත් යොමුකර මේ පිළිබද ඔවුන් දැනුවත් නොකළ බවත් ඔහු පෙන්වා දෙනවා.

මිලියන 500ක වටිනාකමින් යුත් වාහන මිලියන 200ක මුදලකට විකිණීමෙන් රජයට මිලියන 300ක පාඩුවක් සිදු වූ බවට පවසමින් ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙට (28) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවයි අසංක රුවන් පොදුපිටිය සඳහන් කළේ.

රජය විසින් මෙලෙස සිදු කරමින් පවතින්නේ සිවිල් ක්‍රියාකාරීන් මර්දනය කිරීමද යන්නත් ඔහු ප්‍රශ්න කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ අපොයි මොකක්ද අපේ රටට වෙන්නේ" කියන තැනට රට වැ#ලා.. l Anura Kumara Dissanayake
08:00
Video thumbnail
ශිරන්ති සහ සිරිලිය ගැන කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..නීතියෙන් පලා යන්නේ නැතුව ප්‍රකාශ ලබාදෙන්න..?
04:38
Video thumbnail
සජිත්, සිංගප්පූරුවේ හිටපු විදේශ ඇමති හමුවෙයි
01:00
Video thumbnail
සජිත් ප්‍රේමදාස, සිංගප්පූරුවේ දී විශේෂ හමුවක
13:43
Video thumbnail
රජය වෙන්දේසි දලා විකුණපු වාහනවලට වෙච්ච දේ මෙන්න..අරන් තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ ස්ටේජ්වල හිටිය අය..?
05:41
Video thumbnail
අපි ගත්තු තීන්දුව ආපහු හකුලාගන්නේ නෑ
25:39
Video thumbnail
මැදිරිගිරියේ මිනිස්සු උණුසුම් වෙලා මහ පාරේ නාමල්ව ගි# තියයි.."අහවල් එකේ අමාරුවට අපි මේක කරන්නේ යකෝ"
08:48
Video thumbnail
උපවාසය මැද මිනිස්සු කලන්තේ දාලා - රෝහලට ගෙනයයි
04:25
Video thumbnail
"කවදාවත් ජනාධිපති කෙනෙක් ඇවිත් නෑ..ගොඩාක් පිං"මිනිස්සු පොරකකා ජනපති එක්ක Selfie ග#යි
02:29
Video thumbnail
අසභ්‍ය ගුරු - ගෝල විඩීයෝව කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
06:12


?