රජයේ දොස්තරලා හෙට සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු හෙට (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් අපොහොසත් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

අද (25) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ හෙට (26) පෙරවරු 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්ති සමිති ක්‍රියාමාර්ග කිහිපයකට එළඹෙන බවයි.

අදාළ වෘත්ති සමිති ක්‍රියාමාර්ග පහතින්..

  1. සායන හා බාහිර රෝගී ප්‍රතිකාර එක්ක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල් වලින් මිල දී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම.
  2. රෝහල් පද්ධතිය තුල සිදු නොකරන රසායනාගාර පරීක්ෂණ රෝගීන්ට පිටතින් සිදුකර ගැනීමට නිර්දේශ නිකුත් නොකිරීම.
  3. අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව නොමැති නම් රෝහල් තුළ නව ඒකක පිහිටුවීමට අවස්ථාව නොදීම.
  4. රෝහල් පද්ධතියෙන් බාහිරව සිදුකරන සෞඛ්‍ය කඳවුරු සහ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් යෙදවීමක් නොකිරීම සහ සහයෝගය නොදැක්වීම.
  5. රෝහල්, සායන සහ බාහිර ප්‍රතිකාර එක්කවල රෝගීන් පරික්ෂා කිරීමට වෛද්‍යවරයාට සහායකයෙක් ලබා නොදෙන්නේ නම් වෛද්‍යවරු එම ස්ථානවල සේවය නොකර ඉවත්වීම.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
10
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?