spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ ආයතන වල පැවැත්වෙන උත්සව වලට තිත

රජයේ ආයතනවල විවෘත කිරීම්, රාජකාරී බාර ගැනීමට හා විශ්‍රාම ගැනීමට අදාළ උත්සව, සුහද හමුවීම්, ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලුම ආකාරයේ උත්සව සඳහා රජයේ මුදල් වැය කිරීම නතර කරන ලෙසට වූ නියෝගය තරයේ පිළිපදින ලෙස මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම රජයේ ප්‍රධානීන්ගෙන්  නැවත වරක් ඉල්ලනවා.

මෙසේ ඉල්ලීම කළ තිබුණද සමහර ආයතන එම ඉල්ලීම නොසලකා හරිමින් එවැනි උත්සව තවදුරටත් පවත්වන බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු ඔහු මෙම නව චක්‍රලේඛය නිකුත් කළේය.

රාජ්‍ය වියදම් දැඩිව පාලනය කිරීමේ අරමුණින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පසුගිය අප්‍රේල් 26 වනදා චක්‍රලේඛයක් නිකුත් කරමින් රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය නොවන හා ප්‍රමුඛතා නොවන වියදම් අත්හිටුවමින් ඒවා සඳහා රාජ්‍ය මුදල් භාවිත නොකරන ලෙසට නියෝග කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?