රජ‍යෙන් දැමූ තහනම සතේකට ගණං නොගත් ගොවිපොළේ හිමිකාරිණිය ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

මාදම්පේ – නාන්කඩවර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඌරු ගොවිපොළක් තහනම් කර මස් ගබඩා කර තිබූ අධි ශීතකරණ 03කට මුද්‍රා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පොලිස් විශේෂ කාර්යාංශයේ මාදම්පේ ඒකකයට ලද තොරතුරක් අනුව මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (16) මෙම වැටලීම සිදු කරන ලද බවයි.

වැටලීම සිදු කරන විටත් ගොවිපොළ තුළ ඌරන් 05 දෙනෙකු ඝාතනය කර මාංශ කරමින් සිට ඇති බවත් පැවසෙනවා.

ඊට අමතරව ඝාතනය කරන ලද හෝ මියගිය ඌරන්ගේ මස් විශාල ප්‍රමාණයක් ගබඩා කර තිබූ අධි ශීතකරණ 03කට මුද්‍රා තැබීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

ඌරන් ඝාතනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකුට සහ සත්ත්ව ගොවිපොළේ හිමිකාරියට එරෙහිව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

මිනිස් පරිභෝජනය සදහා ඌරන් ඝාතනය කිරීම රජය විසින් මේ වන විට තහනම් කර ඇත්තේ අප්‍රිකානු සූකර උණ පැතිරෙමින් පවතින පසුබිමක් නිසාවෙන්.

එබැවින් නීතිවිරෝධීව සිදු කෙරුණු මෙම මාංශ ජාවාරම සම්බන්ධයෙන් ඉදිරිමය පියවර ගැනීමටත් බහාලුම්වල පුරවා තිබූ සූකර මාංශ ගිනි තබා විනාශ කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Image 2024 11 16 at 19.49.19 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
8
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?