රජ‍යෙන් දැමූ තහනම සතේකට ගණං නොගත් ගොවිපොළේ හිමිකාරිණිය ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

මාදම්පේ – නාන්කඩවර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඌරු ගොවිපොළක් තහනම් කර මස් ගබඩා කර තිබූ අධි ශීතකරණ 03කට මුද්‍රා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පොලිස් විශේෂ කාර්යාංශයේ මාදම්පේ ඒකකයට ලද තොරතුරක් අනුව මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (16) මෙම වැටලීම සිදු කරන ලද බවයි.

වැටලීම සිදු කරන විටත් ගොවිපොළ තුළ ඌරන් 05 දෙනෙකු ඝාතනය කර මාංශ කරමින් සිට ඇති බවත් පැවසෙනවා.

ඊට අමතරව ඝාතනය කරන ලද හෝ මියගිය ඌරන්ගේ මස් විශාල ප්‍රමාණයක් ගබඩා කර තිබූ අධි ශීතකරණ 03කට මුද්‍රා තැබීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

ඌරන් ඝාතනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකුට සහ සත්ත්ව ගොවිපොළේ හිමිකාරියට එරෙහිව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

මිනිස් පරිභෝජනය සදහා ඌරන් ඝාතනය කිරීම රජය විසින් මේ වන විට තහනම් කර ඇත්තේ අප්‍රිකානු සූකර උණ පැතිරෙමින් පවතින පසුබිමක් නිසාවෙන්.

එබැවින් නීතිවිරෝධීව සිදු කෙරුණු මෙම මාංශ ජාවාරම සම්බන්ධයෙන් ඉදිරිමය පියවර ගැනීමටත් බහාලුම්වල පුරවා තිබූ සූකර මාංශ ගිනි තබා විනාශ කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Image 2024 11 16 at 19.49.19 1



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51