AFC Banner
Empty Ad
Empty Ad

රචින් රවීන්ද්‍ර කිවියන්ට ජය සොයා තනිව සටනක

සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (22) නිමාවට පත්වන විට ලකුණු 275ක ඉලක්කයක් හඹා යන නවසීලන්තය කඩුලු 08ක් දැවී ලකුණු 207ක් රැස්කරගෙන සිටියා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි රචින් රවීන්ද්‍ර ලකුණු 91ක් රැස්කරගෙන සිටි අතර,පන්දු 15කට මුහුණ දී සිටි අජාස් පටෙල් ලකුණු ලබාගෙන සිටියේ නැහැ.

නවසීලන්ත දෙවන ඉනිම වෙනුවෙන් කේන් විලියම්සන් සහ ටොම් බ්ලන්ඩෙල් ලකුණු 30 බැගින් රැස්කරගත් අතර, ආරම්භක පිතිකරු ටොම් ලේතම් ලකුණු 28ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 03 බැඟින් බිඳ දමා නවසීලන්ත පිතිකරුවන්ට අද දිනයේ ප්‍රබල පීඩනයක් එල්ල කළා.

මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පස්වන සහ අවසන් දිනය වන හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට තවත් දෙකක් දවාගත යුතු අතර, නවසීලන්තයට තරගය ජයගැනීමට නම් ලකුණු 68ක් රැස්කරගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?