රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කපිල චන්ද්‍රසේනගෙන් අධිකරණයට මෝසමක්

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මෝසමක්, අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු ද සිල්වා ඉදිරියේ මෙම මෝසම කැඳවනු ලැබුවා.

මෙම මෝසම සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් විවෘත අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සඳහන් කළේ, ඊයේ (12) දින අල්ලස් කොමිසම විසින් සිය සේවා දායකයාගේ ප්‍රකාශයක් සටහන් කරගන්නා අවස්ථාවේදී එම කොමිසමේ ඉහළ නිලධාරියෙක් තම සේවාදායකයාට බලපෑම් එල්ල කර ඇති බවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට ‍සවිස්තරාත්මක කරුණු දැක්වීමට දිනයක් ලබා දෙන ලෙසට ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙය ඇප ඉල්ලීමක් නොවන බැවින් ‍අදාල කරුණු සැලකිරීම ස්ථිර මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුකර ලෙසයි. ඒ අනුව එම සිද්ධිය ලබන 19 වැනිදාට යළි කැදැවීමට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණා.

‍නිතීඥ උදාර මුහන්දිරම්ගේ විසින් මෙම මෝසම අධිකරණය හමුවේ ‍ගොනු කර තිබුණා. එම මෝසමට අනුව, සිය සේවාදායකයා අල්ලස් කොමිසමේ ප්‍රකාශයක් ලබා දෙන අතරතුරදී දිවා ආහාරය සඳහා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පිටව ගිය අවස්ථාවේදී නිලධාරින් විසින් ඔහුව වෙනත් කාමරයකට රැගෙන ගොස් ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව එහි සිටි එහි සිටි අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක තම සේවාදායකයාට බලපෑම් සිදු කරමින් දේශපාලකයින්ගේ නම් සඳහන් කරන ලෙසට දැනුම් දී තිබූ බව එම මෝසමේ දක්වා තිබෙනවා.

මේ නිසා අදාල ප්‍රකාශයට ඇතැම් පුද්ගලයින්ගේ නම් ඇතුළත් කිරීමට සැකකරුට සිදුවූ බවත් එහි සඳහන් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08