AFC Banner
Empty Ad
Empty Ad

රක්ෂිතයක ගින්නක් – අක්කර 50ක් විනාසයි

වැල්ලවාය – වදිනහෙලයාය රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වරුණගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති වදිනහෙලයාය කඳු රක්ෂිතයේ ඊයේ (18) පස්වරුවේ දී මෙම ගින්න හටගෙන ඇති බවයි දසත වාර්තාකරු පැවසුවේ.

ගින්නෙන් අක්කර 50කට අධික භූමි කොටසක් පිළිස්සී තිබෙනවා.

එම ගින්න පැය කිහිපයක් තුළ රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගොස් ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

ගින්න නිවීමට මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ දැනුම්දීමක් අනුව යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණ ගින්න පාලනය කිරීමට රාත්‍රිය වන තෙක් කටයුතු කර තිබෙනවා.

කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය පවසන අතර වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?