AFC Banner
AFC Banner
Empty Ad

රංගෙට පහර දුන් හලාවත ශාන්තගේ පරණ නඩුවක් යළිත් ඇදෙයි – වන්දි ගෙවීමටත් නියෝග

පුත්තලම දිස්ත්‍රික් හිටපු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකරට හලාවත දිසා අධිකරණය විසින් ලබා දී තිබූ වසර 05ක අත්හිටවූ සිර දඬුවම අද (02) දින ලබාදීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

වත්මන් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් (එවකට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී)පාලිත රංගේබණ්ඩාරට 2013 අප්‍රේල් මස 27 වැනිදා හලාවත පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට පහර දී ඔහු ගමන් කරමින් තිබූ වාහනයේ ඉදිරිපස වීදුරුවට හානි කරන ලදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකරට එරෙහි ව හලාවත දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණා.

එම නඩුව විභග කළ එවකට හලාවත දිසා විනිසුරු ලෙස සේවය කළ අරුණ බුද්ධදාස මහතා විසින් ශාන්ත අබේසේකර මහතාට මාස 03 ක සිර දඬුවමක් නියම කරමින් එම දඬුවම වසර 05කට අත්හිටුවීමට ද නියෝග කළා.

එමෙන්ම රුපියල් 1500ක දඩ මුදලක් සහ පහර කෑමට ලක් වූ පාලිත රංගේබණ්ඩාරට රුපියල් 100,000 ක වන්දි මුදලක් ගෙවන ලෙස ද දිසා විනිසුරුවරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට නියම කෙරුණා.

එම නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් ශාන්ත අබේසේකර විසින් හලාවත මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර ඉදිරිපත් කර තිබූ එම අභියාචනය අද දින විත්තිකාර පාර්ශ්වයේ නීතිඥ රුවන් ප්‍රනාන්දු විසින් ඉල්ලා අස්කරගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව පෙර දිසා අධිකරණය විසින් ශාන්ත අබේසේකරට ලබා දී තිබූ නඩු තීන්දුව අද හලාවත දිසා විනිසුරු සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා විසින් විවෘත අධිකරණයේ දී කියවා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එම නඩු තීන්දුවට අනුව ශාන්ත අබේසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මාස 03කට ලබා දී තිබූ සිර දඬුවම වසර 05කට අත්හිටුවන ලද අතර, රුපියල් 1500 ක දඩ මුදලක් ද වින්දිත පාර්ශ්වය වූ පාලිත රංගේබණ්ඩාරට රුපියල් 100,000ක වන්දි මුදලක් ද ගෙවීමටයි දිසා අධිකරණය නියම කරන ලද්දේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?