රංගෙට පහර දුන් හලාවත ශාන්තගේ පරණ නඩුවක් යළිත් ඇදෙයි – වන්දි ගෙවීමටත් නියෝග

පුත්තලම දිස්ත්‍රික් හිටපු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකරට හලාවත දිසා අධිකරණය විසින් ලබා දී තිබූ වසර 05ක අත්හිටවූ සිර දඬුවම අද (02) දින ලබාදීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

වත්මන් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් (එවකට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී)පාලිත රංගේබණ්ඩාරට 2013 අප්‍රේල් මස 27 වැනිදා හලාවත පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට පහර දී ඔහු ගමන් කරමින් තිබූ වාහනයේ ඉදිරිපස වීදුරුවට හානි කරන ලදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකරට එරෙහි ව හලාවත දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණා.

එම නඩුව විභග කළ එවකට හලාවත දිසා විනිසුරු ලෙස සේවය කළ අරුණ බුද්ධදාස මහතා විසින් ශාන්ත අබේසේකර මහතාට මාස 03 ක සිර දඬුවමක් නියම කරමින් එම දඬුවම වසර 05කට අත්හිටුවීමට ද නියෝග කළා.

එමෙන්ම රුපියල් 1500ක දඩ මුදලක් සහ පහර කෑමට ලක් වූ පාලිත රංගේබණ්ඩාරට රුපියල් 100,000 ක වන්දි මුදලක් ගෙවන ලෙස ද දිසා විනිසුරුවරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට නියම කෙරුණා.

එම නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් ශාන්ත අබේසේකර විසින් හලාවත මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර ඉදිරිපත් කර තිබූ එම අභියාචනය අද දින විත්තිකාර පාර්ශ්වයේ නීතිඥ රුවන් ප්‍රනාන්දු විසින් ඉල්ලා අස්කරගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව පෙර දිසා අධිකරණය විසින් ශාන්ත අබේසේකරට ලබා දී තිබූ නඩු තීන්දුව අද හලාවත දිසා විනිසුරු සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා විසින් විවෘත අධිකරණයේ දී කියවා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එම නඩු තීන්දුවට අනුව ශාන්ත අබේසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මාස 03කට ලබා දී තිබූ සිර දඬුවම වසර 05කට අත්හිටුවන ලද අතර, රුපියල් 1500 ක දඩ මුදලක් ද වින්දිත පාර්ශ්වය වූ පාලිත රංගේබණ්ඩාරට රුපියල් 100,000ක වන්දි මුදලක් ද ගෙවීමටයි දිසා අධිකරණය නියම කරන ලද්දේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10