රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අභාවප්ප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.

අද අලුයම අභාවප්ප්‍රාප්ත වනවිට ඒ මහතා 83 වන වියේ පසු වුණා.

අමරසිරි කලංසූරිය මහතා උපත ලබන්නේ 1940 සැප්තැම්බර් මස 20 වනදායි.

මෙරට සිනමාවට දැවැන්ත මෙහෙවරක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා හෙළ සිනමාවට පිවිසෙන්නේ ‘හන්තාන කතාව’ චිත්‍රපටයෙන්.

එලෙස සිය සිනමා ගමන ඇරඹු කලංසූරිය මහතා ‘අහස් ගව්ව’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1974 දී හොඳම නළුවාට හිමි සම්මානය ද හිමිකර ගන්නවා.

අක්කර පහ , අපේක්ෂා , පරිත්‍යාගය , තරංගා ,බඹරු ඇවිත්, සාගරයක් මැද , පූජා ආදී චිත්‍රපට රැසක චරිතාංග නළුවකු ලෙස සිය රංගන ප්‍රතිභාව විදහා පෑ අමරසිරි කලංසූරිය මහතා සරසවි සම්මාන රැසකින්ද පිදුම් ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?