ගිය අවුරුද්දේ ලක්ෂ 83කට වැඩි පිරිසක් පොලිසියෙන් චෙක් කරලා

2025 වසර තුළ දිවයින පුරා පුද්ගලයින් ලක්ෂ 83කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිසිය පවසනවා.

එම පරීක්ෂා කිරීම්වල දී විවිධ වූ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 6,836 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

එමෙන්ම 2025 වසරේ දී, දින වරෙන්තුකරුවන් 75,721 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා එම වසර තුළ විවෘත වරෙන්තුකරුවන් 49,667 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසුවේ.

මේ අතර 2026 වසරේ දී ද මෙවැනි ආකාරයේ සෝදිසි කිරීම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46