නව ලෝක වාර්තාවක් පිහිටුවමින් විරාන්ගෙන් සහ දිමන්තගෙන් විශිෂ්ඨ ඉනිම්

2026 යොවුන් එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ වන විට ජපානය සමඟ නෑම්බියාවේදී පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය හිමිකර ගත් ජපානයේ යොවුන් කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ඇරඹු විරාන් චමුදිත සහ දිමන්ත මහවිතාන විසින් ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල සඳහා ලකුණු 328ක සම්බන්දතාවයක් ගොඩනැගුවේ ලෝක වාර්තාවක් ද පිහිටුවමින්.

එම ලකුණු 328 සම්බන්දතාවය යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩ නැගුනු විශාලම සම්බන්දතාවය බවට පත්වුණා.

සම්බන්ධතාවයේ වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත් විරාන් චමුදිත ශ්‍රී ලංකව වෙනුවෙන් යොවුන් එක්දින තරගයකදී ක්‍රීඩකයෙක් රැස් කර ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරේ ලකුණු 192ක් පන්දු 143ක් තුළදී රැස්කර ගනිමින්.

එමෙන්ම ඔහුට අනෙක් අනාතයෙන් මනා සහයෝගයක් ලබාදුන් දිමන්ත මහවිතානද ලකුණු 115ක් රැස්කර ගත්තේ පන්දු 125ක් වැය කරමින්.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පන්දු වාර කිහිපයේදී වේගවත් ඉනිමක් දියත් කළ ශ්‍රී ලංකා නායක විමත් දිනසර ද ලකුණු 44ක් රැස්ක‍ර ගනු ලැබුවේ පන්දු 24ක් පමණක් මුහුණ දීමෙනුයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 387ක් රැස් කරගෙන ඇත්තේ කඩුලු 04ක් දැවී යාමෙන් අනතුරුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56