වාර්තා ගොන්නක් සමඟින් මෙරට යෞවනයන්ට විශිෂ්ඨ ජයක්

19න් පහළ යොවුන් ලෝක කුසලානයේ ජපානයට එරෙහිව අද (17) පැවති තරගයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසියට හිමිකර ගත් ජපන් කණ්ඩායම් නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සිය ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් යුගළ වූ විරාන් චමුදිත සහ දිමන්ත මහවිතාන ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 328ක සබඳතාවයක් ගොඩනැගුවේ යොවුන් ජාත්‍යන්තර එක්දින තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගු ඉහළම සබඳතාවයේ ලෝක වාර්තාවට හිමිකම් කියමින්.

ඒ අනුව එම සබඳතාවයේ නැංගුරම බවට පත් වූ විරාන් චමුදිත ද වාර්තාගත ලකුණු 192ක ඉනිමක් දියත් කළා.

එම ඉනිම වාර්තා අතරට එක්වුණේ යොවුන් ලෝක කුසලානයකදී පිතිකරුවෙක් විසින් රැස්කර ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව සහ යොවුන් එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙක් විසින් රැස්කර ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

විරාන් චමුදිත විසින් අද මෙලෙස පිහිටවූ වාර්තා දෙකටම මීට පෙර ලියවී තිබුණේ 2018 වසරේ යොවුන් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් කෙන්යාවට එරෙහිව ලකුණු 191ක් රැස් කළ හසිත බෝයගොඩට වීමද විශේෂත්වයක්.

තවද විරාන් චමුදිතට මනා සහයක් ලබා දුන් දිමන්ත මහවිතාන ද ලකුණු 115ක් රැස් කර ගැනීමට සමත් වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක විමත් දිනසර ද වේගත් ලකුණු 44ක් රැස් කර ගත්තේ පන්දු 24කට පමණක් මුහුණ දෙමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් රැස්කර ගනු ලැබූ ලකුණු 387ක විශිෂ්ඨ ලකුණු පුවරුව හඹා යාම සඳහා පිටියට ජපාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ගොස් රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 184ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද තරගයෙන් ලකුණු 203ක විශිෂ්ඨ ජයක් හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50