යෞවනියන්ගේ 20-20 ක්‍රිකට් කිරුළ ඉන්දියාවට

වයස අවුරුදු 19 පහළ කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නට ඉන්දීය 19 පහළ කාන්තා කණ්ඩායම අද (02) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 පහළ කාන්තා කණ්ඩායම පරාජය කරමින්.

ඉන්දීය කණ්ඩායම මෙම අවසන් මහා තරගය ජයගත්තේ කඩුලු නවයකින්.

මලයාසියාවේ ක්වලා ලම්පූර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පන්දුවාර 20 තුළ ලකුණු 82කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නියන්ට හැකියාව ලැබුණා.

අනතුරුව ලකුණු 83ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ක්‍රීඩිකාවන් එම ඉලක්කය පන්දුවාර 11යි පන්දු 02ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර ගියා.

ඒ, අනුව තරගය කඩුලු 09කින් ජයගත් ඉන්දීය කණ්ඩායම 2025 වයස අවුරුදු 19 පහළ කාන්තා පන්දුවාර 20-20 තරගාවලියේ ශූරතාව තමන් සතුකර ගත්තා.

පසුගියවර පැවති වයස අවුරුදු 19 පහළ කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශුරතාවය දිනාගත්තේ ද ඉන්දීය කණ්ඩායම විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08