AFC Banner
Empty Ad

යෝෂිත රාජපක්ෂට ඇප (වීඩියෝ)

යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ 500ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් ඇප ලබාදීමට නියෝග කරනු ලැබුවා.

ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවයි.

ඊට අමතරව ඔහුට මසකම අවසන් ඉරිදා දිනයේ දී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු බව ද දන්වා සිටියා.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළා.

සැකකරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී තිබීම හේතුවෙන් ඔහුව ඇප මත මුදාහරින බවයි නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ.

නීති විරෝධීව උපයාගත් බව කියන මුදල්වලින් දෙහිවල ප්‍රදේශයේ නිවසක් සහ ඉඩමක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව පෙරේදා (25) දිනයේ බෙලිඅත්ත ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගැනුණු ඔහු කොළඹ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන එමෙන් පසු ඔහුගෙන් පැය තුනක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු එදින (25) පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කර තිබුණේ.

ඒ, අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ අද (27) දිනයේ අධිකරණයට හමුවට ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?