යෝෂිත රාජපක්ෂට ඇප (වීඩියෝ)

යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ 500ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් ඇප ලබාදීමට නියෝග කරනු ලැබුවා.

ඇප ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවයි.

ඊට අමතරව ඔහුට මසකම අවසන් ඉරිදා දිනයේ දී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු බව ද දන්වා සිටියා.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළා.

සැකකරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී තිබීම හේතුවෙන් ඔහුව ඇප මත මුදාහරින බවයි නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ.

නීති විරෝධීව උපයාගත් බව කියන මුදල්වලින් දෙහිවල ප්‍රදේශයේ නිවසක් සහ ඉඩමක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව පෙරේදා (25) දිනයේ බෙලිඅත්ත ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගැනුණු ඔහු කොළඹ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන එමෙන් පසු ඔහුගෙන් පැය තුනක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු එදින (25) පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කර තිබුණේ.

ඒ, අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ අද (27) දිනයේ අධිකරණයට හමුවට ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39