AFC Banner
AFC Banner
Empty Ad

යුරෝපය ගිලගන්නා ‘මන්කිපොක්ස්’ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සීරුවෙන්

මේ වනවිට යුරෝපයේ රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය කෙරෙහි විද්‍යාඥයින්ගේ දැඩි අවදානය යොමුව තිබෙනවා.

මෙම දුර්ලභ ගණයේ රෝගය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි රැස්වීමක් ද කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මෙම වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවදානයකින් කටයුතු කරන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කළේ.

මේ වනවිට ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් වඳුර උණ ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දැනට යුරෝපයේ ව්‍යාප්ත වෙමින් පවතින මෙම රෝග වෛරසය සමාජ සම්ප්‍රේෂණය දක්වා ඉහළ ගොස් තිබෙන බවට වෛද්‍යවරුන් සැක පළ කරනවා.

මන්කිපොක්ස් රෝගය පළමු වරට 1970 වර්ෂයේදී මිනිසෙකුට ආසාදනය වූ බවට හඳුනා ගනු ලැබූ අතර එය අප්‍රිකානු මහද්වීපය ආශ්‍රිතව මුල් වරට හඳුනා ගනු ලැබුවා.

මෙය වඳුරන්ගෙන් ව්‍යාප්තවන වෛරසයක් ඇසුරෙන් ඇතිවන රෝගයක් බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?