spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

යුරෝපයේ චීන ආයෝජන පහළට

යුරෝපයේ සිදු කරන චීන ආයෝජන පසුගිය වසර 13ක කාලය තුළ අඩුම මට්ටමකට පසුගිය වසරේ දී පහත වැටී ඇතැයි ජර්මානු චින්තන පර්ෂදයක් වන MERICS කළ පර්යේෂණ වාර්තාවක් අනාවරණ කරනවා.

එම වාර්තාවට අනුව යුරෝපයේ සෘජු චීන ආයෝජන 2022 දී යුරෝ බිලියන 7.1 සිට පසුගිය වසරේ (2023) යුරෝ බිලියන 6.8 දක්වා පහත වැටුණු අතර එය 2010 වසරෙන් පසු වාර්තා වූ පහළම අගයයි.

යුරෝපයේ සහ ගෝලීය වශයෙන් දේශපාලන හා ආර්ථික සාධක මිශ්‍රණයකින් චීන ආයතනික ආයෝජකයින් පසුගිය වසරේ අභියෝග සහ අවිනිශ්චිතතාවයන්ට මුහුණ දුන් බව වාර්තාව පෙන්වා දෙනවා.

වාර්තාවට අනුව පශ්චාත් කොවිඩ් කාල පරිච්ඡේදය තුළ චීනයේ දුර්වල වර්ධනය බොහෝ චීන සමාගම්වල මූල්‍ය පදනම දුර්වල කර තිබෙනවා.

පහත වැටෙන චීන සෘජු විදේශ ආයෝජන පිළිබඳ අදහස් දක්වමින්, තායිවානයේ ජාතික විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන චෙං චෙන්ග්-පින් පවසන්නේ චීනයේ ආර්ථිකය ඉතා නරක තැනකට පත් වී ඇති බව මින් පැහැදිලි වන බවයි.

“2023 සිට චීනයේ ආර්ථිකය නරක අතට හැරෙමින් තිබේ. නිල දළ දේශීය නිෂ්පාදිතය [දළ දේශීය නිෂ්පාදිතයේ] වර්ධන වේගය සියයට 5 ක් පමණ වුව ද, සැබෑ තත්ත්වය ඉතා නරක ය. එහි අපනයන තත්ත්වය ද ඉතා නරක ය. එබැවින් එහි සමස්ත විදේශ ආයෝජන ද පහත වැටෙමින් තිබේ,” මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවා.

2021 සහ 2023 අතර කාලය තුළ යුරෝපයට කරන ලද සියලුම චීන ආයෝජනවලින් තුනෙන් දෙකක් ඉහළම චීන ආයෝජකයින් පස් දෙනෙකු විසින් තළ ආයෝජන බව MERICS වාර්තාව අනාවරණ කරනවා.

ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් (M&A) වටිනාකම යුරෝ බිලියන 1.5 දක්වා සියයට 58කින් පහත වැටී ඇති බව අදාළ වාර්තාවේ සඳහන්.

MERICS, වාර්තාවට අනුව විදුලි වාහන ක්ෂේත්‍රයේ චීන ආයෝජන ඉහළ ප්‍රමුඛතාවක් හංගේරියාවට ලැබී ඇති අතර යුරෝපයේ සමස්ත චීන සෘජු විදේශ ආයෝජනවලින් සියයට 44ක් හංගේරියාවට ලැබී තිබෙනවා.

චීන සෘජු විදේශ ආයෝජනවලින් තුනෙන් දෙකකට (සියයට 69) 2023 දී විදුලි වාහන අංශයෙන් සිදු කර ඇති අතර එය 2022 දී සියයට 41 ට වඩා වැඩි බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-06-26 | Dasatha News
00:00
Video thumbnail
වර්ජන පිටුපස ඉන්න අය අමරවීර කියයි...
40:09
Video thumbnail
8ට නින්ද යන්නෑනේ - අපිත් බලනවා" - "ආරංචිය සුබයිනම් අපි කැමතියි"
32:39
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය Supreme තුළින් බලාපොරොත්තු වන්න…
00:38
Video thumbnail
පොලීසියේදී මුහුණදෙන්න සිදුවූ දේ #Police #Arrested
08:21
Video thumbnail
"මේ ගොල්ලෝ රටට හොඳක් වෙන වෙලාවට වැඩවර්ජන පටන් ගන්නවා" #npp #akd
07:00
Video thumbnail
"අද කොටුවේ උද්ඝෝෂණයට නායකත්වය දෙන්නේ JVP එක" - "ඉදිරි අයවැයෙන් පඩි වැඩිවෙනවා"
09:11
Video thumbnail
රටම කතාවූ පියුමි හංසමාලිගේ සිද්ධිය ගැන අලුත් අනාවරණයක්...
02:19
Video thumbnail
ලොරියක් මතට පස් කන්දක් කඩා වැටෙයි
01:59
Video thumbnail
"මුන්ට මතක නෑ මුන් ඉගෙන ගත්තෙත් ගුරුවරුන්ගෙන් කියලා" - සිරිමාවෝ මැතිණි තමයි මේ රට හරියට කළේ...
02:16

?