2009 ඔක්තෝම්බර් 02 වැනිදා මන්නාරම,පරප්පුකන්ඩාල් යුධ හමුදා කඳවුර තුළදි යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ තවත් යුධ හමුදා සාමාජිකයෙකුට ඊයේ (06) මන්නාරම මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කළා.
මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්.මිහාල් මහතා විසින් අදාළ ඝාතනය කළ යුධ හමුදා සාමාජිකයා වෙත මරණය දණ්ඩනය නියම කෙරිණ.
මරණය දණ්ඩනය නියම වු යුධ හමුදා සාමාජිකයා විසින් පෞද්ගලික ආරවුලක් මත යුධ හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෙඩි තබා තිබු අතර, ඉන් දෙදෙනෙකු මරණයට පත්ව ,තවත් අයෙකු තුවාල ලබා තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය මන්නාරම,මුරුන්කන් පොලිසිය හරහා ගොනු කොට තිබු අතර, නඩු විභාගයෙන් අනතුරුව ඝාතනයෙන් 14 වසරකට පසුව සැකකරු වෙත මරණ දණ්ඩනය නියම කළ බවද පොලිසිය සඳහන් කළා.
වයස අවුරුදු 55 ක් වන දැනට යුධ හමුදා සේවයෙන් ඉවත්කොට සිටින පුද්ගලයෙකු වෙත එලෙස මරණ දණ්ඩනය නියම කෙරිණ.














