රණක්ෂිතයට පත් වූ රණවිරුවන්ගේ සුව දුක් විමසීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා අනුරාධපුර අභිමංසලට ගොස් තිබෙනවා.
අද (28) පෙරවරුවේ යුද හමුදාපතිවරයා අභිමංසලට පැමිණි බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
මෙම අභිමංසල තුළ රණවිරුවන්ගේ ගැටලු විසඳීමට විශේෂ ජංගම සේවාවක් ද ක්‍රියාත්මකයි.
යුද හමුදාපතිවරයා රණක්ෂිතයට පත් වීරෝදාර රණවිරුවන් සමග සුහද පිළිසඳරක ද නිරත වූ අතර එහිදී ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද අවධානය යොමු වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ ගමන් පහසුව වෙනුවෙන් ලබා දුන් ජීප් රියක් ද මෙහිදී අනුරාධපුර අභිමංසල වෙත පරිත්‍යාග කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1





