මෑතකදී ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු එරෙහිව එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමට ගනු ලැබ ඇති තීරණය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු ව තිබෙනවා.
අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඒ පිළිබඳ ව ප්‍රකාශයක් සිදු කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර ගත යුතු ඉදිරි පියවර පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස පහත සංයුතියෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත්, එකී කමිටුවේ කාර්යයන් සඳහා අවශ්‍ය යැයි සැලකෙන, අදාළ විෂය පිළිබඳව ප්‍රවීණතාවක් සහිත අන් කවර හෝ නිලධාරියකුගේ/විද්වතකුගේ සේවය ලබා ගැනීම පිණිස කමිටුව වෙත බලය පැවරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද බවයි.
ඒ අනුව එකී විශේෂ කමිටුව සඳහා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යහර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන අයවලුන් ඇතුළත්.
පසුගියදා සිවිල් යුද සමයේ දී මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා ලබමින් යුද ප්‍රවීණයින් වන ශවේන්ද්‍ර සිල්වා, වසන්ත කරන්නාගොඩ, ජගත් ජයසූරිය ඇතුළු පිරිසකට එරෙහිව මෙම සම්බාධකය පැනවුණා.