යුක්රේන යුද්ධයේ පළමු අදියර අවසන් බව රුසියාව දැනුම් දෙයි

යුක්රේන යුද්ධයේ පළමු අදියර අවසන් වී ඇති අතර, නැගෙනහිර ඩොන්බාස් කලාපය මුළුමනින්ම නිදහස් කරගැනීම පිළිබඳව දැන් අවධානය යොමු කරන බව රුසියාව පවසනවා.

ඩොන්බාස් පිහිටා ඇත්තේ යුක්රේනයෙන් වෙන්වූ රුසියානු හිතවාදී කලාප දෙක අතරතුරයි.

කෙසේ නමුත් බටහිර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රකාශයෙන් යුක්රේනයේ රුසියානු යුද ක්‍රමෝපාය අසාර්ථක වී ඇතැයි තහවුරු වන බවයි.

කීව් අගනුවර තදාසන්නයේ රැඳී සිටි රුසියානු හමුදා යම් පසුබෑමකට ලක්ව ඇති බවද යුක්රේනය ප්‍රකාශ කළා.

කෙසේ නමුත් ඔවුන් නගර මධ්‍යය වෙත ගොඩබිම් ප්‍රහාරයක් කඩිනමින් ආරම්භ කිරීමට සූදානමක් නොමැති බවයි ඇමරිකානු ඔත්තු සේවා සඳහන් කළේ.

මේ අතර දකුණුදිග මරියුපොල් නුවර ජනයා රැකවරණ ලැබූ රඟහලකට පසුගිය සතියේ එල්ලවූ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයන් 300 දෙනෙකු පමණ මියගොස් ඇතැයි සැළකෙන බව නගර බලධාරීන් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?