යුක්‍රේන ජනාධිපතිගෙන් ජනපති අනුරට විශේෂ ලිපියක්

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ස්තූතියක් පුදකරමින් ලිපියක් යොමුකර තිබෙනවා.

ඊයේ (24) දිනට දී තිබූ යුක්‍රේන නිදහස් දිනය වෙනුවෙන් ඊට සුබ පැතුම් පිරිනැමීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට මෙම ස්තූතිය පුදකිරීමට අදාළ ලිපිය මඟින් යුක්‍රේන ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

අන්‍යෝන්‍ය ගෞරවය සහ සාමය සහ සමෘද්ධිය සඳහා වූ හවුල් කැපවීම මත පදනම් වූ ශ්‍රී ලංකාව සමඟ ඇති මිත්‍ර සබඳතා සහ සහයෝගීතාවය යුක්‍රේනය අගය කරන බවයි වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ.

එමෙන්ම දෙරටේ සබඳතා තවදුරටත් සංවර්ධනය සඳහා විභවයක් ඇති බවත්, එය දෙරටටම ප්‍රතිලාභ ගෙන දෙන බවට විශ්වාස කරන බවයි සෙලෙන්ස්කි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

01 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
134
+1
5
+1
57
+1
3
+1
3
+1
6
+1
23
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?