යුක්‍රේනයේ ඊසානදිග සුමි නගරයට එල්ල වූ බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසනවා.
රුසියාව එල්ල කළ මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් ළමුන් 07 දෙනෙකු ඇතුළු තවත් 83 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
යුක්‍රේන බලධාරීන් පවසන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
එරට වේලාවෙන් ඉරිදා පෙරවරු 10.30ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
+1