යුක්‍රේනයට සහාය වීමට යුරෝපයෙන් 18 දෙනෙකුගෙන් යුත් සන්ධානයක්

පසුගිය සිකුරාදා යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මීර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මුණගැසීමෙන් පසුව සිදු වූ උද්වේගකර සංවාදය දෙස ලෝකයේ ම අවධානය යොමු වුව ද, ඊට යම් කිසි සහනයක් ගෙන දීමට යුරෝපා නායකයින් 18 දෙනෙකු සූදානම් වී තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් හමු වූ සෙලෙන්ස්කි හට ඉදිරියේ දී යුක්‍රේනය තුළ සාමය සහතික කිරීම සඳහා යුරෝපා සන්ධානයක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කෙරුණු බවයි.

යුක්රේනය සමඟ එක්ව යුද්ධය අවසන් කර රුසියාවෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් කරුණු හතරකින් යුත් සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එක්සත් රාජධානිය, ප්‍රංශය සහ අනෙකුත් රටවල් “කැමැත්තෙන් සිටින අයගේ සන්ධානයක්” තුළ ඔවුන්ගේ උත්සාහයන් වේගවත් කරන බවත්, යුක්රේනයට සහයෝගය දැක්වීම සඳහා එක්සත් ජනපදය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන බව ද බ්‍රිතාන්‍ය අගමැති ප්‍රකාශ කරනවා.

අද අපි ඉතිහාසයේ සන්ධිස්ථානයක සිටිමු,” බොහෝ දුරට යුරෝපයේ සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඇතුළු නායකයින් 18 දෙනෙකුගෙන් යුත් සමුළුවකින් පසුව ස්ටාර්මර් පැවසුවා.

කියෙව් වෙත “ශක්තිමත් සහයෝගයක්” දැනුණු බවත් සමුළුව “දිගු කලක් නොදුටු අතිශය ඉහළ මට්ටමක යුරෝපීය එකමුතුවක්” පෙන්නුම් කළ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සුබවාදී සාකච්ඡා ප්‍රතිඵල පැමිණෙන්නේ ධවල මන්දිරයේ දී යුක්රේන නායකයා සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් දින දෙකකට පසුවීම ද විශේෂත්වයක්.

සැබෑ සාමයක් සහ සහතික කළ ආරක්ෂාවක් සඳහා ඇමරිකාව සමඟ සහයෝගීතාව සඳහා පදනමක් සොයා ගැනීම සඳහා අපි සියලු දෙනාම යුරෝපයේ එකට වැඩ කරමින් සිටිමු,” සෙලෙන්ස්කි සමුළුවෙන් පසුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21