යුක්‍රේනයට සහාය වීමට යුරෝපයෙන් 18 දෙනෙකුගෙන් යුත් සන්ධානයක්

පසුගිය සිකුරාදා යුක්‍රේන ජනාධිපති ව්ලොඩ්මීර් සෙලෙන්ස්කි අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මුණගැසීමෙන් පසුව සිදු වූ උද්වේගකර සංවාදය දෙස ලෝකයේ ම අවධානය යොමු වුව ද, ඊට යම් කිසි සහනයක් ගෙන දීමට යුරෝපා නායකයින් 18 දෙනෙකු සූදානම් වී තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් හමු වූ සෙලෙන්ස්කි හට ඉදිරියේ දී යුක්‍රේනය තුළ සාමය සහතික කිරීම සඳහා යුරෝපා සන්ධානයක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කෙරුණු බවයි.

යුක්රේනය සමඟ එක්ව යුද්ධය අවසන් කර රුසියාවෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් කරුණු හතරකින් යුත් සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එක්සත් රාජධානිය, ප්‍රංශය සහ අනෙකුත් රටවල් “කැමැත්තෙන් සිටින අයගේ සන්ධානයක්” තුළ ඔවුන්ගේ උත්සාහයන් වේගවත් කරන බවත්, යුක්රේනයට සහයෝගය දැක්වීම සඳහා එක්සත් ජනපදය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන බව ද බ්‍රිතාන්‍ය අගමැති ප්‍රකාශ කරනවා.

අද අපි ඉතිහාසයේ සන්ධිස්ථානයක සිටිමු,” බොහෝ දුරට යුරෝපයේ සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඇතුළු නායකයින් 18 දෙනෙකුගෙන් යුත් සමුළුවකින් පසුව ස්ටාර්මර් පැවසුවා.

කියෙව් වෙත “ශක්තිමත් සහයෝගයක්” දැනුණු බවත් සමුළුව “දිගු කලක් නොදුටු අතිශය ඉහළ මට්ටමක යුරෝපීය එකමුතුවක්” පෙන්නුම් කළ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සුබවාදී සාකච්ඡා ප්‍රතිඵල පැමිණෙන්නේ ධවල මන්දිරයේ දී යුක්රේන නායකයා සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් දින දෙකකට පසුවීම ද විශේෂත්වයක්.

සැබෑ සාමයක් සහ සහතික කළ ආරක්ෂාවක් සඳහා ඇමරිකාව සමඟ සහයෝගීතාව සඳහා පදනමක් සොයා ගැනීම සඳහා අපි සියලු දෙනාම යුරෝපයේ එකට වැඩ කරමින් සිටිමු,” සෙලෙන්ස්කි සමුළුවෙන් පසුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?