යුක්තිය මෙහෙයුම දෙවන වරට අද වැඩ අල්ලයි

”යුක්තිය මෙහෙයුමේ” දෙවන අදියර අද(27) සිට නැවත ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල සන්නද්ධ කණ්ඩායම් විනාශ කිරීම සඳහා ආරම්භ කළ මෙම මෙහෙයුම නත්තල වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ හා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හේතුවෙන් ඊයේ හා පෙරේදා සෝදිසි කිරීම් සීමා කර තිබුණා.

එමෙන්ම යුක්තිය මෙහෙයුමෙන් සතියක් තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව, 13,666 ක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 717 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?