AFC Banner
Empty Ad
Empty Ad

‘යුක්තිය’ මෙහෙයුමේ දී තවත් 1,554ක් අල්ලයි (වීඩියෝ)

ඊයේ (29) අලුයම 12.30 සිට අද (30) අලුයම 12.30 දක්වා ගත වූ පැය 24 තුළ සිදුකරන ලද ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 1,554 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 82ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

එමෙන්ම සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් 62 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛන ගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 128 දෙනෙකු මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 590ක්, අයිස් කිලෝ 01යි ග්‍රෑම් 300ක්, ගංජා කිලෝ 06යි ග්‍රෑම් 330ක්, ගංජා පැල 4104ක්, මාවා ග්‍රෑම් 505ක් සහ මත්පෙති 119ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?