‘යුක්තිය’ මෙහෙයුමේ දී තවත් 1,554ක් අල්ලයි (වීඩියෝ)

ඊයේ (29) අලුයම 12.30 සිට අද (30) අලුයම 12.30 දක්වා ගත වූ පැය 24 තුළ සිදුකරන ලද ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී සැකකරුවන් 1,554 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 82ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

එමෙන්ම සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් 62 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛන ගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 128 දෙනෙකු මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 590ක්, අයිස් කිලෝ 01යි ග්‍රෑම් 300ක්, ගංජා කිලෝ 06යි ග්‍රෑම් 330ක්, ගංජා පැල 4104ක්, මාවා ග්‍රෑම් 505ක් සහ මත්පෙති 119ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02