යාහියා සින්වාර් ඇත්තටම මිය ගියා ද? – සින්වාර්ගේ යැයි සැක කෙරෙන සිරුරක DNA ත් පරීක්ෂාවට

කලක සිට අතුරුදන් ව සිටි ගාසා තීරයේ හමාස් නායක යාහ්‍යා සින්වාර් (Yahya Sinwar) ඝාතනය වී ඇති ද යන්න පිළිබඳ ව විශේෂ පරීක්ෂණයක් බුද්ධි අංශ යොදා ගනිමින් සිදු කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.

මීට පෙර ද ඊශ්‍රායලය විසින් සොයා බලනු ලැබුවේ යාහ්‍යා සින්වාර්ගේ අතුරුදන් වීම බොහෝ විට හෙතෙම එල්ල කරන ලද ප්‍රහාරවලින් අනතුරුව මිය යන්නට ඇති බවයි.

නමුත් යළිත් මෙම සිදුවීම කරළියට මතු ව ඇත්තේ ඊශ්‍රායල හමුදාව සිදු කළ ගාසා තීරයේ මෙහෙයුමක දී හමාස් නායකයා මියයාමට ඇති හැකියාව පිළිබඳ ව සොයා බැලීම සඳහා ආරම්භ කර ඇති පරීක්ෂණයක් නිසාවෙන්.

සටන්කාමීන් තිදෙනෙකු ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ගොඩනැගිල්ලක් තුළ දී මිය ගිය බවත් ඔවුන්ගෙන් එක් අයෙක් හමාස් නායක යාහියා සින්වාර් ද යන්න නිල වශයෙන් තහවුරු කරගැනීම සඳහා ඊශ්‍රායලයේ ෂින් බෙට් අභ්‍යන්තර බුද්ධි ඒජන්සිය පරීක්ෂණ අරඹා ඇති බවයි.

සින්වාර් යනු ගාසා තීරයේ සිටි හමාස් නායකයින්ගෙන් ඊශ්‍රායලය අත්‍යවශයෙන් ම අවශ්‍ය කර සිටි පළමු වැනියායි.

ඊශ්‍රායල රජය විශ්වාස කරන්නේ පසුගිය වසරේ (2023) ඔක්තෝබර් 07 වැනි දින ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයේ පසුපස සිටින මහමොළකරු ඔහු වන බවයි.

ඊශ්‍රායලය උපකල්පනය කරන්නේ සින්වාර් උමං මාර්ගවල සැඟවී සිටින බවයි.

දකුණු ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල වෙඩි තැබීමකින් සටන්කාමීන් මියගිය බවත්; එම මියගිය වුන් අතර සින්වාර්ගේ යැයි සැක කෙරෙන සිරුරක් DNA සමග සැසදීමට යවා ඇති බව ඊශ්‍රායලය නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?