යාපනය, නාවට්කුලියේ මාරක අනතුරක් – ටිපර් රථයේ රියදුරු සහ සහයකයාටත් දිවි අහිමි වෙයි

යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ අද (15) අලුයම 05.00ට පමණ සිදු වූ ටිපර් රථ අනතුරක් නිසාවෙන් එම ටිපර් රථයේ රියදුරු සහ රියදුරු සහයකවරයාවරයා යන දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැලි ප්‍රවාහනය කරමින් තිබූ මෙම ටිපර් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහි ගොස් මාර්ගයෙන් ඉවතට පැන අසළ වූ තිබූ තාප්ප කිහිපයක සහ වෙළඳසැලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් එම රථයේ සහයකයා ලෙස කටයුතු කළ පුද්ගලයා එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර රියදුරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?