යාපනයේ පැතිර යන වෛරසයෙන් 05ක් මරුට – මී උණ දැයි සැකයක් (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික්කයේ පැතිර යන හඳුනා නොගත් උණ රෝගී තත්ත්වය මී උණ (ලෙප්ටොස්පයිරා) දැයි සැකයක් එල්ල වී ඇති බවත්; නමුත් එය නිශ්චිත ව මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පවසනවා.

යාපනයෙන් මේ වනවිට හඳුනා නොගත් වෛරසයෙන් සිදු වූ පුද්ගල මරණ 05ක් වාර්තා වී තිබෙන අතර; ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ අද (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරුණේ.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය සහ මේ වනවිට මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ වී ඇති නිසා මී උණ රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

කුඹුරු ආශ්‍රිතව වැඩ කරන ගොවීන් හට පමණක් නොව, පතල් කැණීම් කටයුතු, හෝ කුඹුරු ආශ්‍රිතව ගලා බසිනා ජලය පානය කිරීම, මුව කට සේදීම වැනි ක්‍රියාවලින් හෝ මී උණ වෛරසය ශරීරගත විය හැකි බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

කකුළෙහි, අත් පාවල ඇති දීර්ඝ කාලීන හෝ කෙටි කාලීන තුවාල, සීරීම්වලින් හෝ දද, කුෂ්ඨ මාර්ගයෙන් වුව ද, මී උණ වෛරසය ශරීරයට ඇතුල්විය හැකි බවත් වෛද්‍යවරුන්ගේ අදහසයි.

කිසියම් පුද්ගලයෙකුට මී උණ වැළඳී ඇත්නම් එහි රෝග ලක්ෂණ ලෙස ඇස් රතු වීම, ඇඟපත වේදනාව, වමනය, හිසරදය, උණ ගැනීම ආදිය පෙන්වාදිය හැකි බවත් වෛද්‍ය අංශ සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
7
+1
20
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46