යාපනය දිස්ත්‍රික්කයේ පැතිර යන හඳුනා නොගත් උණ රෝගී තත්ත්වය මී උණ (ලෙප්ටොස්පයිරා) දැයි සැකයක් එල්ල වී ඇති බවත්; නමුත් එය නිශ්චිත ව මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී වෛද්‍යවරිය සඳහන් කර සිටියේ යාපනයෙන් වාර්තා වූ පුද්ගල මරණ 05 සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය සහ මේ වනවිට මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ වී ඇති නිසා මී උණ රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
කුඹුරු ආශ්‍රිතව වැඩ කරන ගොවීන් හට පමණක් නොව, පතල් කැණීම් කටයුතු, හෝ කුඹුරු ආශ්‍රිතව ගලා බසිනා ජලය පානය කිරීම, මුව කට සේදීම වැනි ක්‍රියාවලින් හෝ මී උණ වෛරසය ශරීරගත විය හැකි බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
කකුළෙහි, අත් පාවල ඇති දීර්ඝ කාලීන හෝ කෙටි කාලීන තුවාල, සීරීම්වලින් හෝ දද, කුෂ්ඨ මාර්ගයෙන් වුව ද, මී උණ වෛරසය ශරීරයට ඇතුල්විය හැකි බවත් වෛද්‍යවරුන්ගේ අදහසයි.
කිසියම් පුද්ගලයෙකුට මී උණ වැළඳී ඇත්නම් එහි රෝග ලක්ෂණ ලෙස ඇස් රතු වීම, ඇඟපත වේදනාව, වමනය, හිසරදය, උණ ගැනීම ආදිය පෙන්වාදිය හැකි බවත් වෛද්‍ය අංශ සඳහන් කරනවා.