AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ ගොවීන්ට ලබාදීමට තිබු නරක්වු බීජ අර්තාපල් තොගය වළ දමයි

යාපනය ගොවීන්ට ලබාදීමට ගෙනැවිත් තිබු නරක් වු බීජ අර්තාපල් තොගය ඊයේ(02) වළ දැමීමට රැගෙන ගිය බව යාපනය ගොවි ජනතාව පවසයි.

යාපනය ගොවි ජනතාව පැවසූවේ යාපනය,කුප්පිලාන් ගොවිජන සේවා දෙපාර්තමේන්තු ගබඩාවේ ගබඩා කර තිබු බීජ අර්තාපල් තොගයක් එලෙස නරක්වි තිබු බවට පසුගියදා අනාවරණය වු බවයි.

ලෝක බැංකු ආධාර යටතේ නවීන කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ යාපනය ගොවි ජනතාවට ලබාදීමට තිබු බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21 කට ආසන්න ප්‍රමාණයක් එලෙස බැක්ටිරියා අසාදනයකට ලක්වු සිටුවීමට නොහැකි ලෙසට නරක්ව තිබු බව පසුගියදා අනාවරණ වු බවද යාපනය ගොවීන් පවසති.

භාවිතයට ගත නොහැකිව බැක්ටීරියා අසාදනයකට ලක්ව තිබු බීජ අර්තාපල් තොගය කිලිනොච්චිය වන සංරක්ෂණ සීමාවේ වළ දැමීමට පියවර ගත් බවද ගොවිජන සේවා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසූහ.

යාපනය,කුප්පිලාන් ගොවිජන සේවා දෙපාර්තමේන්තු ගබඩාවේ ගබඩා කර තිබු නරක්වු බීජ අර්තාපල් තොගය පොලිතින් උරවල දමා වළ දැමීමට ඊයේ(02) රැගෙන යාම සිදුකළහ.

අදාළ බීජ අර්තාපල් තොගය ඕස්ට්‍රේලියාවේ සිට ගෙනැවිත් තිබු බවද යාපනය ගොවි ජනතාව සඳහන් කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?