AFC Banner
AFC Banner
Empty Ad

යාපනයේ කාබනික ඇඹුල් කෙසෙල් ඉදිරි දින කිහිපයේ ඩුබායි වෙළෙඳපොළට

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් දැනට රාජාංගනය සහ යාපනය කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන දෙකක් ස්ථාපිත කර තිබෙනවා.

ඊට අමතරව සෙවණගල හා ඇඹිලිපිටිය කෙසෙල් වගාකරන ගොවීන්ගේ ඉල්ලීම පරිදි මෙම කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන ව්‍යාපෘති දෙක ස්ථාපිත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් උපදෙස් දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව සෙවනගල ප්‍රදේශයේ කැවෙන්ඩිෂ් නැමැති කෙසෙල් විශේෂයත්, ඇඹිලිපිටිය හා හම්බන්තොට ප්‍රදේශ ආශ්‍රිතව ඇඹුල් කෙසෙල් විශේෂයත් වගා කිරීමට සැළසුම් කර තිබෙනවා.

මෙම වගාවන් දෙකම ආරම්භයේ දී අක්කර 200 බැඟින් අක්කර 400ක් වගා කෙරෙන අතර, ඉන්පසුව එය අක්කර 800ක් දක්වා ව්‍යාප්ත කිරීමටයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සැළසුම් කර ඇත්තේ.

මේ යටතේ වගාව සඳහා තෝරාගන්නා ගොවීන්ට කෙසෙල් වගාව විද්‍යානුකූලව හා ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රමිතීන්ට අනුකූලව වගා කිරීමට අවශ්‍ය කෘෂි තාක්ෂණය හා නවීකරණ වැඩ පිළිවෙළ මෙන්ම අලෙවි කර ගැනීමට අවශ්‍ය විදේශ වෙළෙඳපොළ ද කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් ගොවීන් වෙත සපයනු ලබනවා.

මීට අමතරව එම ව්‍යාපෘතිය විසින් ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර ද සපයනු ලබන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් සඳහන් කළා.

මේ අතර යාපනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය කාබනික වගාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට නියමිතයි.

එහි අස්වනු නෙලීම් හා සැකසුම් කටයුතු හෙට (03) දින පෙරවරුවේ ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති.

ඒ, අනුව රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියෙන් සෑම සෙනසුරාදා දිනකම ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් ඩුබායි වෙළෙදපොළට අපනයනය කිරීම සිදුවනවා.

ඊට සමගාමීව යාපනයේ කාබනික ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 25,000ක් බැඟින් සතිපතා අපනයනය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

දැනට අපනයනය සඳහා ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථාන දෙකක් රාජංගනය හා යාපනයේ ස්ථාපිත කර තිබෙනවා.

එමෙන්ම ඇඹිලිපිටිය හා සෙවණගල ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිෂ් කෙසෙල් ව්‍යාපෘති ආරම්භ වූ පසු බරවකුඹුක හෝ ඒ ආසන්න ප්‍රදේශයක කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?