යාපනයේ කඩු කල්ලියක් – දකින දකින අයගේ අත් කපා දාලා

යාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධ සමගින් පැමිණි පිරිසක් සිදු කල පහරදීමකින් පුද්ගලයින් 08 දෙනෙකුට බරපතල තුවාල සිදු වී තවත් දේපල රැසක්ද විනාශ කොට පලා ගොස් ඇතැයි කෝපායි පොලීසිය පවසනවා.

කොණ්ඩාවිල්හි පිහිටි ශබ්දාගාරයක් අසල රැස්ව සිටි පිරිසක් වෙතට එකවරම මුහුණු ආවරණය කර ගෙන කඩු ඇතුලු තියුණු ආයුධ සමගින් යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කොට ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එහිදී තියුණු ආයුධ සහිතව පැමිණි පිරිස් විසින් ශබ්දාගාරය ඉදිරිපිට සිටි පුද්ගලයින් බරපතල කැපුම් තුවාල සිදු කොට ඇති අතර ඇතැම් පුද්ගලයින්ගේ අත් සිරුරෙන් වෙන් වන ලෙසින්ද කපා ඇති බවටත් අනතුරුව අසල තිබූ ත්‍රීරෝද රථයකට සහ කාර් රථයකටද දැඩි අලාභ හානි කොට ශබ්දාගාරයටද ගිනි තබා පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රදේශවාසීන් විසින් යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කොට ප්‍රතිකාර ලබන බවද රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවා.

මේ අතර අදාල පහරදීම සිදු කල පුද්ගලයින් කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැති අතර සී.සී.ටී.වී දර්ශන ඇත්දැයි සොයා බලා කණ්ඩායම් කිහිපයක් විසින් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කොට ඇති බවටද කෝපායි පොලීසිය වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05