යාපනයේ උණ වැළඳී තවත් 44ක් රෝහලේ – කොළඹින් විශේෂ කණ්ඩායමක් උතුරට

පසුගිය සතිය පුරා යාපනය දිස්ත්‍රික්කයේ පැතිර ගිය හඳුනා නොගත්තා යැයි පැවසුණ උණ රෝගයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගල මරණ 07 ගැන සොයා සහ එම රෝගයට ගොදුරු වූ බවට සැකකෙරෙන රෝගීන් සොයා කොළඹ වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

අද (13) පෙරවරුවේ එම විශේෂ කණ්ඩායම යාපනය ශික්ෂණ රෝහල වෙත පැමිණ ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම විශේෂ කණ්ඩායම විසින් තවදුරටත් අදාළ උණ රෝගය නවතාලීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

කෙසේවෙතත් මෙම උණ රෝගය ‘මී උණ’ රෝගය බවට හඳුනාගත් බව ඊයේ (12) දිනයේ දී වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තුෂානි දාබරේ මහත්මිය පැවසුවා.

වාර්තා වූ පුද්ගල මරණ 07න් තුන් දෙනෙකුගේ ම රුධිර සාම්පලවල මී උණ හෙවත් ලෙප්ටොස්පයිරා බැක්ටීරියාව තිබී සොයා ගැනුණු බවයි ඇය සඳහන් කළේ.

සෙසු රෝගීන් සිව්දෙනාගේ මරණ උණ රෝගයෙන් සිදු වූ සංකූලතා හේතුවෙන් සිදු වූ බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති මහතා පැවසුවා.

මෙම උණ රෝගය හඳුනා ගැනීමට පෙර සෞඛ්‍ය අංශ සැක පළ කළේ මෙය මී උණ හෝ ඉන්ෆ්ලුවෙන්සා වර්ගයක් විය හැකි බවයි.

සාමාන්‍යයෙන් මී උණ රෝගයා වැළඳුණු පුද්ගලයෙකුගේ රෝග ලක්ෂණ වන්නේ ඇඟපත රුදාව, වමනය, හිසේ කැක්කුම, ඇස් රතුවීම ආදියයි.

නමුත් මෙම වෛරසය ආසාදනය වූ රෝගීන්ට ඇති ව තිබුණේ උණ සහ කැස්ස පමණක් බවත් ඔවුන් ශ්වසන අපහසුතා මත ජීවිතක්ෂයට පත් වූ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සයදෙනෙකු යාපනයෙන් ද එක් අයෙකු මුලතිව් දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වුණා.

මෙම මරණවලට ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 20 -65ත් අතර වයසේ පසුවන්නන්.

මී උණ රෝගය කුඹුරු ආශ්‍රිත වැඩ කටයුතු සිදුකරන, පතල් ආශ්‍රිත වැඩ කටයුතු සිදු කරන ප්‍රජාවට ඔවුන්ගේ ශරීරයේ (අත් පාවල ) ඇති කුඩා සීරිම්, තුවාලවලින් හෝ බැක්ටීරියාව ශරීරගත විය හැකි බවත් වෛද්‍ය අංශ පැවසුවා.

මෙම උණ රෝගය නැවැත්වීම සඳහා කොළඹින් ගිය වසංගත රෝග විද්‍යා අංශයේ පිරිස අද යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වනු ඇති.

මේ වන විට යාපනය හා පේදුරුතුඩුව රෝහල්වල මෙම හදිසි උණ රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 44 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

යාපනය, පේදුරුතුඩුව, කරවෙඩ්ඩි සහ චාවකච්චේරි ප්‍රදේශයන්හි මෙම උණ වාර්තා වී ඇති හෙයින් ඔිනෑම අයෙකුට උණ තත්ත්වයක් ඇති වුවහොත් ළඟම ඇති රජයේ රෝහල වෙතට පැමිණ රුධිර සාම්පල වාර්තාවක් ලබා ගන්නා ලෙසට ද සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?