යාපනයේ උණ වැළඳී තවත් 44ක් රෝහලේ – කොළඹින් විශේෂ කණ්ඩායමක් උතුරට

පසුගිය සතිය පුරා යාපනය දිස්ත්‍රික්කයේ පැතිර ගිය හඳුනා නොගත්තා යැයි පැවසුණ උණ රෝගයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගල මරණ 07 ගැන සොයා සහ එම රෝගයට ගොදුරු වූ බවට සැකකෙරෙන රෝගීන් සොයා කොළඹ වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

අද (13) පෙරවරුවේ එම විශේෂ කණ්ඩායම යාපනය ශික්ෂණ රෝහල වෙත පැමිණ ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම විශේෂ කණ්ඩායම විසින් තවදුරටත් අදාළ උණ රෝගය නවතාලීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

කෙසේවෙතත් මෙම උණ රෝගය ‘මී උණ’ රෝගය බවට හඳුනාගත් බව ඊයේ (12) දිනයේ දී වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තුෂානි දාබරේ මහත්මිය පැවසුවා.

වාර්තා වූ පුද්ගල මරණ 07න් තුන් දෙනෙකුගේ ම රුධිර සාම්පලවල මී උණ හෙවත් ලෙප්ටොස්පයිරා බැක්ටීරියාව තිබී සොයා ගැනුණු බවයි ඇය සඳහන් කළේ.

සෙසු රෝගීන් සිව්දෙනාගේ මරණ උණ රෝගයෙන් සිදු වූ සංකූලතා හේතුවෙන් සිදු වූ බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති මහතා පැවසුවා.

මෙම උණ රෝගය හඳුනා ගැනීමට පෙර සෞඛ්‍ය අංශ සැක පළ කළේ මෙය මී උණ හෝ ඉන්ෆ්ලුවෙන්සා වර්ගයක් විය හැකි බවයි.

සාමාන්‍යයෙන් මී උණ රෝගයා වැළඳුණු පුද්ගලයෙකුගේ රෝග ලක්ෂණ වන්නේ ඇඟපත රුදාව, වමනය, හිසේ කැක්කුම, ඇස් රතුවීම ආදියයි.

නමුත් මෙම වෛරසය ආසාදනය වූ රෝගීන්ට ඇති ව තිබුණේ උණ සහ කැස්ස පමණක් බවත් ඔවුන් ශ්වසන අපහසුතා මත ජීවිතක්ෂයට පත් වූ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සයදෙනෙකු යාපනයෙන් ද එක් අයෙකු මුලතිව් දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වුණා.

මෙම මරණවලට ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 20 -65ත් අතර වයසේ පසුවන්නන්.

මී උණ රෝගය කුඹුරු ආශ්‍රිත වැඩ කටයුතු සිදුකරන, පතල් ආශ්‍රිත වැඩ කටයුතු සිදු කරන ප්‍රජාවට ඔවුන්ගේ ශරීරයේ (අත් පාවල ) ඇති කුඩා සීරිම්, තුවාලවලින් හෝ බැක්ටීරියාව ශරීරගත විය හැකි බවත් වෛද්‍ය අංශ පැවසුවා.

මෙම උණ රෝගය නැවැත්වීම සඳහා කොළඹින් ගිය වසංගත රෝග විද්‍යා අංශයේ පිරිස අද යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වනු ඇති.

මේ වන විට යාපනය හා පේදුරුතුඩුව රෝහල්වල මෙම හදිසි උණ රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 44 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

යාපනය, පේදුරුතුඩුව, කරවෙඩ්ඩි සහ චාවකච්චේරි ප්‍රදේශයන්හි මෙම උණ වාර්තා වී ඇති හෙයින් ඔිනෑම අයෙකුට උණ තත්ත්වයක් ඇති වුවහොත් ළඟම ඇති රජයේ රෝහල වෙතට පැමිණ රුධිර සාම්පල වාර්තාවක් ලබා ගන්නා ලෙසට ද සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26