යාපනය කෝපායි පොලිස් වසමේ පූත්තූර් ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ සමගින් කඩාවැදුනු නාදුනන පරිසක් විසින් නිවසේ තිබූ යතුරුපැදි වලට ඇතුලු දේපල රැසකට ඊයේ (26) රාත්‍රියේ හානි කොට පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
පූත්තූර් ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (26) රාත්‍රියේ මුහුණු ආවරණ සහිතව තියුණු ආයුධ සමගින් යතුරුපැදිවලින් 6 දෙනෙකුගෙන් යුතු පිරිසක් එකවරම කඩාවැදී නිවස ඉදිරිපිට තිබූ යතුරුපැදි තුනකට දැඩි හානි කොට නිවසේ තිබූ තවත් දේපල රැසකට හානි කොට පලා ගිය බවට නිවැසියන් විසින් පොලීසියට පවසා තිබෙනවා.
අදාල පහරදීම සිදුකරන ලද පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර පහරදීමෙන් නිවෙස් හිමියන් කිසිවෙකුටත් හානි සිදුව නැත.
අදාල පහරදීම පෞද්ගලික හේතුවක් නිසා සිදුවන්නට ඇති බවට සැකපල කරන අතර එම පිරිස් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවටද කෝපායි පොලීසිය වැඩිදුරටත් පවසයි.







